සුප්‍රකට ‘Euphoria’ ටෙලි කතා මාලාවේ අවසන් කලාපය තුළ ඇය නිරූපණය කළ කැසී හොවර්ඩ් (Cassie Howard) නැමැති චරිතයේ පවතින අතිශය විවාදාත්මක සහ නිරුවත් දර්ශන හේතුවෙන් 28 හැවිරිදි හොලිවුඩ් නිළි සිඩ්නි ස්වීනි (Sydney Sweeney) මේ වන විට දැඩි ප්‍රේක්ෂක විවේචනයකට සහ කැලඹීමකට ලක්ව සිටී. ඇතැම් ප්‍රේක්ෂකයින් සහ විචාරකයින් මෙම දර්ශන “නින්දා සහගත වතාවත්” (Humiliation Rituals) ලෙස හඳුන්වමින් එහි අධ්‍යක්ෂ සහ නිර්මාණකරු සෑම් ලෙවින්සන්ට (Sam Levinson) චෝදනා එල්ල කරද්දී, සිඩ්නි ස්වීනි විසින් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා “මේකට කියන්නේ රංගනය” (It’s called… acting) යනුවෙන් සඳහන් කරමින් විවේචනවලට පිළිතුරු ලබා දී තිබේ.
කෙසේ වෙතත්, මෙම නිරුවත් දර්ශන සම්බන්ධයෙන් සිඩ්නි ස්වීනි විසින් අධ්‍යක්ෂ සෑම් ලෙවින්සන් වෙත පනවා තිබූ එක් විශේෂ කොන්දේසියක් පිළිබඳව ‘New York Times’ පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අධ්‍යක්ෂවරයා විසින් මේ වන විට අනාවරණය කර ඇත. සෑම් ලෙවින්සන් පවසන්නේ තමා මෙම දර්ශන මුලින්ම ලියන විට සිඩ්නිගේ වයස සහ කැමැත්ත සලකා නිරුවත් දර්ශන මඟහරිමින් වෙනත් කෝණවලින් රූගත කිරීමට යෝජනා කළ බවයි. නමුත් එම අවස්ථාවේදී තමා දෙස බැලූ සිඩ්නි “ඔයා විහිළු කරනවාද? මම රඟපාන්නේ OnlyFans මොඩල් කෙනෙක්ගේ චරිතයක්. ඉතින් ඔයා කියනවාද ඒක මඟහැරලා කරන්න කියලා?” යනුවෙන් පවසමින්, අදාළ චරිතයේ ස්වභාවය අනුව නිරුවත් දර්ශන අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු බවට සෘජුවම බලකර සිටි බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.
නිරුවත් දර්ශන රංගනයට දායක කරගැනීම පිළිබඳව අදහස් දක්වමින් සිඩ්නි ස්වීනි මීට පෙර ප්‍රකාශ කර තිබුණේ හොලිවුඩ් සිනමාව තුළ නිරුවත් වන නිළියන් දෙස සමාජය බලන්නේ වෙනස්ම සහ පහත් ආකල්පයකින් (Stigma) බවයි. පිරිමි නළුවෙකු ලිංගික දර්ශනයකට හෝ ශරීරය ප්‍රදර්ශනය කිරීමට දායක වූ විට ඔහුට සම්මාන සහ ඇගයීම් ලැබෙන නමුත්, කාන්තාවක එය සිදුකළ විට ඇය දෙස බලන කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් වන බව ඇය පවසයි. ඇමෙරිකානු සන්නිවේදන නීති (FCC) අනුව රාත්‍රී 10ට පෙර මෙවැනි ප්‍රබල දර්ශන විකාශය කිරීම තහනම් වුවද, HBO නාලිකාව ග්‍රාහක මුදල් ගෙවා ලබාගන්නා කේබල් (Cable) සේවාවක් බැවින් එම නීතිමය සීමාවන් ලිහිල් වන අතර, එහි පවතින කලාත්මක වටිනාකම (Artistic value) හේතුවෙන් මෙම දර්ශන විකාශය කිරීමට අවස්ථාව ලැබී තිබේ.
















