පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම්වල 2026 ජූනි 04 දිනට අදාළ දත්ත වාර්තාව පහත දැක්වේ.
පරීක්ෂා කළ පුද්ගලයින් සංඛ්‍යාව 24,922 ක් වන අතර සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 584 කි. අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින් 22 දෙනෙකු ද මෙහිදී හඳුනාගෙන තිබේ.
එමෙන්ම අත්අඩංගුවට ගත් දින වරෙන්තුකරුවන් සංඛ්‍යාව 299 ක් සහ විවෘත වරෙන්තුකරුවන් සංඛ්‍යාව 142 කි. රථවාහන වැරදි සම්බන්ධයෙන් ගත් පියවර අතර බීමත් රියදුරන් 71 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ 99 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 4,346 ක් පවරා තිබේ.
















