රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඊයේ (05) යොමු කර ඇති බව වාර්තා වේ.
නැවතත් සිය විශ්වවිද්‍යාල සේවය සඳහා සම්පූර්ණ කාලය දායක කිරීමේ අරමුණින් ඔහු මෙලෙස සේවයෙන් ඉල්ලා අස්වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සනාථ කළේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන මනුජ් වීරසිංහ මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ 2024 වර්ෂයේදීය.
















