වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73ක සමස්ත ජල ධාරිතාවෙන් මේ වන විට සියයට 63ක් ජලයෙන් පිරී පවතී. මෙම ජල සංචිතය හේතුවෙන් පවතින යල කන්නය සඳහා අවශ්‍ය ජල අවශ්‍යතාවය නිසි පරිදි සපුරාලීමට හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
දිස්ත්‍රික්ක අනුව ප්‍රධාන ජලාශවල වත්මන් ජල ධාරිතාව පහත පරිදි වේ: මහනුවර 93% ක්, පුත්තලම 93% ක්, අනුරාධපුරය 81% ක්, කුරුණෑගල 86% ක්, මොනරාගල 76% ක්, මන්නාරම 76% ක්, බදුල්ල 74% ක්, ගාල්ල 72% ක්, පොළොන්නරුව 71% ක්, ත්‍රිකුණාමලය 68% ක්, මාතලේ 49% ක් සහ අම්පාර 41% ක් ලෙස පවතී.
කෙසේ වෙතත්, කාලගුණ අනාවැකිවලට අනුව ඉදිරි කාලසීමාවේදී වර්ෂාපතනය අඩුවීමේ ප්‍රවණතාවක් පවතින බැවින්, පවතින ජල සම්පත ඉතා අරපිරිමැස්මෙන් සහ වගකීමෙන් යුතුව භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් සහ ගොවි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
















