මීගමූ බන්ධනාගාරයේදී ඇති වූ නොසන්සුන්කාරී සහ හිංසාකාරී තත්ත්වයක් අතරතුර ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකුගේ පවුල්වල සාමාජිකයන් වෙත අග්‍රාහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 2ක (ලක්ෂ 20ක) මූල්‍ය වන්දි මුදලක් ඊයේ (21) දිනයේදී ප්‍රදානය කර තිබේ.
ජාතික රක්ෂණ භාර අරමුදලේ (NITF) විශේෂ වැඩපිළිවෙළක් යටතේ බන්ධනාගාර මූලස්ථානයේදී මෙම වන්දි චෙක්පත් අදාළ ඥාතීන් වෙත ලබා දී ඇත. මියගිය නිලධාරීන් සියලු දෙනා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර දැක්වීමේ ඒකකයට (Prison Emergency Response Unit) අනුයුක්තව සේවය කළ අය වන අතර, අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් පීඩාවට පත් පවුල් වෙත අවශ්‍ය සියලු විස්තර සම්පූර්ණ වන තෙක් නොසිට කඩිනමින් වන්දි මුදල් මුදා හැරීමට කටයුතු කළ බව ජාතික රක්ෂණ භාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී යූෂාන් තරංග මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව, මියගිය නිලධාරීන්ගේ පවුල් වෙත තවත් අමතර ආධාර ලබා දීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිළිවෙළක්ද ආරම්භ කර ඇති බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා සඳහන් කරයි.














