ආර්ථික විද්‍යාත්මක සංකීර්ණ වචන පසෙක තබා සරලවම රුපියල්වලින් ගණනය කළහොත්, මෙරට දුම්වැටි පාරිභෝගිකයෙකු විසින් සිගරට් මිලදී ගැනීම සඳහා වෙළඳසැලකට ලබාදෙන සෑම රුපියල් 12ක මුදලකින්ම රුපියල් කීයක් රජයේ මහා භාණ්ඩාගාරයට බදු වශයෙන් යා යුතුද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව එහි නිවැරදි පිළිතුර වන්නේ රුපියල් 9ක්, එනම් සමස්ත මිලෙන් සියයට 75කි. කෙසේ වෙතත්, වත්මන් ශ්‍රී ලංකාව තුළ රජය විසින් එම රුපියල් 9ක මුදල එකතු කරනු වෙනුවට අයකර ගනිමින් සිටින්නේ රුපියල් 8ක් වැනි මුදලක් පමණක් බවත්, ඒ අනුව මහජන සන්තක විය යුතු සෑම රුපියල් 12කින්ම රුපියල් 1ක මුදලක් (The missing Rupee) රහසිගතවම පුද්ගලික දුම්කොළ සමාගම් සතු වී ඇති බවත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකාව මීට පෙර මෙම ජාත්‍යන්තර බදු ඉලක්කයට ඉතාමත් සමීපව කටයුතු කළ රටකි. පසුගිය 2018 වසරේදී මෙරට වෙළඳපොළේ පැවති සියලුම සිගරට් සන්නාමයන්හි සාමාන්‍ය බදු ප්‍රතිශතය සියයට 74ක් ලෙස පැවති අතර, එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියයට 75ක හොඳම ජාත්‍යන්තර ප්‍රමිතිය අභිමුවටම පැමිණ තිබුණි. එහෙත්, 2026 වත්මන් වර්ෂය වන විට එම අගය සියයට 66.8 දක්වා බරපතළ ලෙස පහත වැටී ඇත. විවිධ කාල වකවානුවලදී රජය විසින් දුම්වැටි බදු ඉහළ දැමූ බවට මාධ්‍ය මගින් ප්‍රචාරය කළද, සැබෑ බදු ප්‍රතිශතය පහත වැටුණේ කෙසේද යන්න පිළිබඳව ආර්ථික විශේෂඥයන් කරුණු පැහැදිලි කර තිබේ.
බදු ප්‍රතිශතයක් ලෙස පනවා ඇති විට මිල වැඩි වෙද්දී බදු මුදලද ස්වයංක්‍රීයව වැඩි වුවද, සිගරට් සඳහා පනවා ඇති නිෂ්පාදන බද්ද (Excise Tax) ක්‍රියාත්මක වන්නේ ස්ථාවර රුපියල් අගයක් ලෙසය. මේ හේතුවෙන් දුම්කොළ සමාගම් සිය ලාභාංශ තකා සිගරට් මිල විශාල වශයෙන් ඉහළ නංවද්දී, රජයේ බදු මුදල ස්වයංක්‍රීයව වැඩි වන්නේ නැත. පසුගිය කාලයේ රජය විසින් නිෂ්පාදන බද්ද ඉහළ දැමූ බව සැබෑවක් වුවද, එම බදු වැඩි කිරීම් දුම්කොළ සමාගම් විසින් සිය ලාභය තර කරගැනීම සඳහා සිදුකළ මිල වැඩි කිරීම්වලට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවතුණි. මාධ්‍ය මගින් බදු වැඩි කළ බව පැවසුවද, සමාගම්වල මිල වැඩි කිරීමට සාපේක්ෂව බදු ප්‍රතිශතය අඩු මට්ටමක පැවතීම හේතුවෙන් අවසාන ප්‍රතිඵලය ලෙස සිගරට් මිල තුළ අඩංගු රජයේ සැබෑ බදු ප්‍රතිශතය රහසින්ම පහත වැටී ඇති බව දත්ත මගින් තහවුරු වේ.
















