• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිගරට් මිලේ හැම රු. 12කින්ම රුපියලක් රහසේම අතුරුදන්

මහජන මුදල් සමාගමක සාක්කුවකට වැටුණු හැටි

7 June 2026
in දේශීය, පුවත්
සිගරට් මිලේ හැම රු. 12කින්ම රුපියලක් රහසේම අතුරුදන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආර්ථික විද්‍යාත්මක සංකීර්ණ වචන පසෙක තබා සරලවම රුපියල්වලින් ගණනය කළහොත්, මෙරට දුම්වැටි පාරිභෝගිකයෙකු විසින් සිගරට් මිලදී ගැනීම සඳහා වෙළඳසැලකට ලබාදෙන සෑම රුපියල් 12ක මුදලකින්ම රුපියල් කීයක් රජයේ මහා භාණ්ඩාගාරයට බදු වශයෙන් යා යුතුද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව එහි නිවැරදි පිළිතුර වන්නේ රුපියල් 9ක්, එනම් සමස්ත මිලෙන් සියයට 75කි. කෙසේ වෙතත්, වත්මන් ශ්‍රී ලංකාව තුළ රජය විසින් එම රුපියල් 9ක මුදල එකතු කරනු වෙනුවට අයකර ගනිමින් සිටින්නේ රුපියල් 8ක් වැනි මුදලක් පමණක් බවත්, ඒ අනුව මහජන සන්තක විය යුතු සෑම රුපියල් 12කින්ම රුපියල් 1ක මුදලක් (The missing Rupee) රහසිගතවම පුද්ගලික දුම්කොළ සමාගම් සතු වී ඇති බවත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකාව මීට පෙර මෙම ජාත්‍යන්තර බදු ඉලක්කයට ඉතාමත් සමීපව කටයුතු කළ රටකි. පසුගිය 2018 වසරේදී මෙරට වෙළඳපොළේ පැවති සියලුම සිගරට් සන්නාමයන්හි සාමාන්‍ය බදු ප්‍රතිශතය සියයට 74ක් ලෙස පැවති අතර, එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියයට 75ක හොඳම ජාත්‍යන්තර ප්‍රමිතිය අභිමුවටම පැමිණ තිබුණි. එහෙත්, 2026 වත්මන් වර්ෂය වන විට එම අගය සියයට 66.8 දක්වා බරපතළ ලෙස පහත වැටී ඇත. විවිධ කාල වකවානුවලදී රජය විසින් දුම්වැටි බදු ඉහළ දැමූ බවට මාධ්‍ය මගින් ප්‍රචාරය කළද, සැබෑ බදු ප්‍රතිශතය පහත වැටුණේ කෙසේද යන්න පිළිබඳව ආර්ථික විශේෂඥයන් කරුණු පැහැදිලි කර තිබේ.
බදු ප්‍රතිශතයක් ලෙස පනවා ඇති විට මිල වැඩි වෙද්දී බදු මුදලද ස්වයංක්‍රීයව වැඩි වුවද, සිගරට් සඳහා පනවා ඇති නිෂ්පාදන බද්ද (Excise Tax) ක්‍රියාත්මක වන්නේ ස්ථාවර රුපියල් අගයක් ලෙසය. මේ හේතුවෙන් දුම්කොළ සමාගම් සිය ලාභාංශ තකා සිගරට් මිල විශාල වශයෙන් ඉහළ නංවද්දී, රජයේ බදු මුදල ස්වයංක්‍රීයව වැඩි වන්නේ නැත. පසුගිය කාලයේ රජය විසින් නිෂ්පාදන බද්ද ඉහළ දැමූ බව සැබෑවක් වුවද, එම බදු වැඩි කිරීම් දුම්කොළ සමාගම් විසින් සිය ලාභය තර කරගැනීම සඳහා සිදුකළ මිල වැඩි කිරීම්වලට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවතුණි. මාධ්‍ය මගින් බදු වැඩි කළ බව පැවසුවද, සමාගම්වල මිල වැඩි කිරීමට සාපේක්ෂව බදු ප්‍රතිශතය අඩු මට්ටමක පැවතීම හේතුවෙන් අවසාන ප්‍රතිඵලය ලෙස සිගරට් මිල තුළ අඩංගු රජයේ සැබෑ බදු ප්‍රතිශතය රහසින්ම පහත වැටී ඇති බව දත්ත මගින් තහවුරු වේ.
Post Views: 0
Previous Post

පොහොර සහ විදුලි බිල අඩු කරන ලෙස බලකරමින් අනුරාධපුරයේ ගොවීන්ගෙන් පන්දම් උද්ඝෝෂණයක්

Next Post

අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතියේ පාලන බලය ඒකාබද්ධ විපක්ෂය දිනාගනී

Editor TTV News

Editor TTV News

Next Post
අක්මීමන  විවිධ සේවා සමුපකාර සමිතියේ  පාලන බලය  ඒකාබද්ධ විපක්ෂය දිනාගනී

අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතියේ පාලන බලය ඒකාබද්ධ විපක්ෂය දිනාගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved