පෝලන්තයේ පැවැත්වෙන ජාතික රූ රැජන තරගාවලිය වන ‘මිස් පෝල්ස්කි’ (Miss Polski) තරගාවලියේ එක් අදියරක් මෙරට පැවැත්වීම සඳහා එහි අවසන් වටයට තේරී පත් වූ රූ රැජනන් 24 දෙනෙකු ඇතුළු 45 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ඊයේ (07) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
මෙම අදියර දින 10ක කාලයක් පුරා සීගිරිය, පාසිකුඩා, නිලාවේලි, මින්නේරිය, දඹුල්ල සහ කොළඹ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සංවිධායකයින් සැලසුම් කර තිබේ. ලෝකයේ වැඩි අවධානයක් දිනාගත් මෙම තරගාවලියේ අදියරක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින්, පෝලන්තය ඇතුළු සමස්ත ලෝකයේ සංචාරක ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙත දිනා ගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි.
පෝලන්ත නියෝජිත පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන චමිල ජයරත්න සහ මසිත තාබෲ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.














