එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර රහසිගතව රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන “බ්ලූමැන්ඩල් සංඛ” සහ “මෝදර චතුර” යන සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා භාර දී තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා පුළුල් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත භාර දී ඇති බව වාර්තා වේ. මොවුන් සම්බන්ධයෙන් මීට පෙරද අපරාධ රැසකට චෝදනා එල්ල වී ඇති අතර, එරට ආරක්ෂක අංශ විසින් දියත් කළ විශේෂ මෙහෙයුමකින් පසුව සැකකරුවන් මෙරටට පිටුවහල් කරනු ලැබීය.
















