ශ්රී ලංකාවේ රන් වෙළෙඳපොළ තුළ පසුගිය සතියක කාලය තුළ රන් මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව, රන් මිල රුපියල් 16,000ක පමණ අගයකින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
අද දිනට අදාළ රන් මිල ගණන් පහත දැක්වේ.
කැරට් 24 ග්රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 387,490ක් සහ එහි විකුණුම් මිල රුපියල් 408,545ක් ලෙස දැක්වේ. කැරට් 22 ග්රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 355,130ක් වන අතර එහි විකුණුම් මිල රුපියල් 374,191කි.
එමෙන්ම කැරට් 21 ග්රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 339,263ක් සහ එහි විකුණුම් මිල රුපියල් 357,453ක් ලෙස සටහන් වේ. කැරට් 18 ග්රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 290,625ක් සහ එහි විකුණුම් මිල රුපියල් 306,530ක් ලෙස වෙළෙඳපොළේ මිල ගණන් දැක්වේ.
















