සංවිධානාත්මක අපරාධකරුවන් වන බ්ලුමැන්ඩල් සංඛ සහ මෝදර නිපුණ නැමැත්තාගේ සහෝදරයා වන මෝදර චතුර යන දෙදෙනාට ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව වාර්තා වේ.
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන පසුගිය 13 වන දින විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මෙරටට රැගෙන ආ මොවුන් දෙදෙනා මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව යටතේ විමර්ශනවලට ලක් කෙරේ. ඒ අනුව, බ්ලුමැන්ඩල් සංඛ කොළඹ උතුර අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන අතර, මෝදර චතුරව වෙනත් විමර්ශන අංශයක රඳවා ප්‍රශ්න කරනු ලබයි.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් පවතින විවිධ අපරාධ නඩු සහ ජාලගත අපරාධ ක්‍රියාකාරකම් පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කිරීමට මෙම රඳවා ගැනීමේ නියෝග භාවිත කෙරේ.
















