කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද බුද්ධි තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි විය.
සොයාගත් මත්ද්‍රව්‍ය සහ දේපළ
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 944ක්.
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 215ක්.
රුපියල් 650,000ක මුදලක්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















