“Clean Sri Lanka” ජාතික වැඩසටහන යටතේ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වන “සිහින ගමනාන්තයක්” ව්‍යාපෘතිය ඔස්සේ බම්බලපිටිය දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදුකෙරේ.
රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන සඳහා මෙරට ප්‍රජාවගේ මූල්‍ය දායකත්වය හිමිව තිබේ. මේ වන විට රුපියල් මිලියන 55ක මුදලක් වැය කරමින් සිදු කෙරෙන මෙම නවීකරණ කටයුතු, මෙම වසරේ (2026) අගෝස්තු මස වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
















