ශ්‍රී ලංකාවේ තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය (YCS) සිය 75 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය අතිගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ශාන්ත ජෝසප් විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම උත්සවයේ ප්‍රධාන දේශනය ශ්‍රීයන් විජේරත්න මහතා විසින් සිදු කළේය. වසර 75ක ඉතිහාසයක් ඇති මෙම ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සිසුන්ගේ අධ්‍යාත්මික සහ සමාජීය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරමින් සිටී.














