අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මීට සුළු වේලාවකට පෙර මීගමුව බන්ධනාගාරය වෙත පැමිණ තිබේ.
ඒ අද (06) උදෑසන කාලයේදී එම බන්ධනාගාරය තුළ ඇති වූ හදිසි ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව, එහි වත්මන් තත්ත්වය සහ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීම සඳහාය. බන්ධනාගාර පරිශ්‍රය තුළ නොසන්සුන්තාවක් හටගැනීමට හේතු සහ ඉදිරි පියවර සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ගෙන් කරුණු විමසීමට නියමිතය.
















