කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 වසර සඳහා වූ අයවැය ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය ඇතුළු ආයතනවල ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය කෙරුණු අතර, කාර්යක්ෂමතාව මත ප්‍රතිව්‍යුහගතකරණය විය යුතු ආයතන පිළිබඳව ද අවධානය යොමු විය.එක් එක් ආයතන හා පළාත් පාලන ආයතන මගින් නඩත්තු කරන සියලු වාරි ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත ඒකකයක් මගින් නියාමනය කිරීමටත්, වාරි ප්‍රතිසංස්කරණ සිතියම්ගත කිරීමටත් පියවර ගැනීම.2026 අයවැය ප්‍රතිපාදන උපරිම ලෙස භාවිත කරමින්, කෘෂිකර්ම සහ කර්මාන්ත අංශවල තරුණ ව්‍යවසායකයන් සඳහා වන අඩු පොලී බැංකු ණය පහසුකම් තවදුරටත් ප්‍රවර්ධනය කිරීම. විවිධ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාප්ත සේවාවන් ඒකාබද්ධව සහ විධිමත්ව පවත්වාගෙන යාමට යෝජනා වාර්තාවක් කැඳවීම.අපනයන කෘෂි බෝග ප්‍රවර්ධනය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා නව ව්‍යාපෘති යෝජනා කිරීම.කාලසීමාව ඉක්මවා ගිය විදේශ ණය ආධාර යටතේ ආරම්භ කළ ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීම සහ ඉදිරියේදී පැහැදිලි අවසාන ප්‍රතිඵලයක් සහිත ව්‍යාපෘති පමණක් අනුමත කිරීම.නිසි කලට අවසන් නොකළ රජයට වැය බරක් වූ ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සහ යල් පැන ගිය ප්‍රතිඵල රහිත ව්‍යාපෘති වෙනුවට ඵලදායී කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
















