භූමිතෙල් මිශ්‍ර කර හෝ භූමිතෙල් යොදා ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ වැටලීමේ විශේෂ මෙහෙයුම් දිවයිනේ ස්ථාන කිහිපයකදී පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලැබීය. රත්නපුර සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සිදුකළ මෙම වැටලීම්වලදී නීති විරෝධී ලෙස භූමිතෙල් යොදා ධාවනය කළ බස් රථ රැසක් හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකි විය.
රත්නපුර පොලිස් රථ වාහන අංශය විසින් සිදුකළ මෙහෙයුමකදී භූමිතෙල් යොදා ධාවනය කළ බස් රථ පහක් කොටුකර ගැනීමට හැකි වූ අතර, අම්බලන්ගොඩ පොලිසිය විසින් ක්‍රියාත්මක කළ වැටලීමකදී ගාල්ල-කොළඹ සහ අම්බලන්ගොඩ-ඇල්පිටිය මාර්ගවල ධාවනය වූ එවැනි බස් රථ හතරක් හඳුනා ගැනිණි.
වාහන නිෂ්පාදකයා විසින් නියම කරනු ලබන ඉන්ධන වර්ගය හැර වෙනත් ඉන්ධන වර්ග භාවිතා කිරීම හෝ මිශ්‍ර කර ධාවනය කිරීම නීති විරෝධී බව පොලිසිය අවධාරණය කරයි. මෙලෙස නීති කඩ කරමින් ධාවනය කළ බස් රථවල හිමිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
















