පසුගිය වසරේ ඇති වූ ‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් වගා හානි සිදුවූ ගොවීන් 202,025ක් සඳහා රුපියල් මිලියන 12,341.5ක වන්දි මුදලක් ගෙවා අවසන් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
මෙම වන්දි ගෙවීම් සිදු කර ඇති ආකාරය අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් හානියට පත් කුඹුරු අක්කර 148,000ක් වෙනුවෙන් ගොවීන් 116,278කට රුපියල් මිලියන 8,888.5ක වන්දි මුදලක් ගෙවා ඇත. බඩ ඉරිඟු, එළවළු සහ අනෙකුත් ක්ෂේත්‍ර භෝග සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ගොවීන් 85,747කට රුපියල් මිලියන 3,453ක වන්දි මුදලක් ප්‍රදානය කර තිබේ. වන්දි ගෙවීමේදී වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 150,000ක් සහ බඩ ඉරිඟු, එළවළු සහ අනෙකුත් ක්ෂේත්‍ර භෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් 200,000 බැගින් ලබා දී ඇත. පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, රජයේ ආර්ථික ප්‍රතිපත්ති තුළින් ගොවි ජනතාවට මෙම සහනය ලබා දීමට හැකි වූ බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
















