අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය නිල වශයෙන් බන්ධනාගාරයක් ලෙස නම් කර තිබේ.
බන්ධනාගාර ආඥාපනතේ (54 වැනි පරිච්ඡේදය) 2 වැනි වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව, අදාළ ගැසට් පත්‍රයේ දක්වා ඇති පරිදි පැරණි බෝගම්බර පරිශ්‍රය බන්ධනාගාර ආඥාපනතේ අරමුණු සඳහා බන්ධනාගාරයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.
















