අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු වැල්ලම්පිටිය පොලිස් වසමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරක නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120යි මිලිග්‍රෑම් 710ක් සහ හෙරොයින් ග්‍රෑම් 112ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැල්ලම්පිටිය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
















