මෙවර කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය විසින් නියම කර ඇති මිල ගණන් ගොවීන්ගේ නිෂ්පාදන වියදම පියවා ගැනීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසයි.
මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, මෙම කන්නයේ වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 137ක් ලෙස ගණනය කළ හැකි බවයි. කෙසේ වෙතත්, රජය විසින් නාඩු වී කිලෝවක් රුපියල් 120කට සහ සම්බා වී කිලෝවක් රුපියල් 130කට මිලදී ගැනීමට තීරණය කර තිබීම තුළින් ගොවියා දැඩි අසාධාරණයකට ලක්වන බව ඔහු අවධාරණය කළේය.
මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, රට තුළ සහල් අතිරික්තයක් පැවති අවස්ථාවකදී රජය විසින් සහල් ආනයනය කිරීමට ගත් වැරදි තීරණය බව මහාචාර්ය අරුණ කුමාර මහතා වැඩිදුරටත් චෝදනා කළේය.
කෙසේ වෙතත්, රජයේ තීරණය අනුව වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීම් කටයුතු ලබන ජූලි 13 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
















