ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ කළමනාකරණ සහ සිල්ලර බැංකු සේවා එළඹෙන 2026 ජූලි 31 වනදා සිට DFCC බැංකුව වෙත පැවරීමට කටයුතු යොදා ඇති බව එම බැංකුව නිවේදනය කරයි. මෙම සංක්‍රාන්ති ක්‍රියාවලිය වඩාත් විධිමත්ව සිදු කිරීම සඳහා 2026 ජූලි 31 වනදා සිට අගෝස්තු 02 වනදා දක්වා වූ සති අන්තයේ බැංකු සේවා තාවකාලිකව අත්හිටුවීමට නියමිතය.
මේ හේතුවෙන් ගනුදෙනුකරුවන්ට සිදුවිය හැකි අපහසුතා මඟහරවා ගැනීම සඳහා, අවශ්‍ය මුදල් ආපසු ගැනීම් ඇතුළු බැංකු කටයුතු එම කාලසීමාවට පෙර සැලසුම් කරගන්නා ලෙස බැංකුව සිය ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටියි. කෙසේ වෙතත්, මෙම සංක්‍රාන්ති කාලසීමාව තුළ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය වන විමසීම් සහ සහාය ලබා දීම සඳහා තෝරාගත් DFCC බැංකු ශාඛා කිහිපයක් විවෘතව තැබීමට පියවර ගෙන තිබේ. රුපියල් බිලියන 3.7ක වටිනාකමකින් යුත් මෙම ගනුදෙනුව හරහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ බැංකු සබඳතාවල හිමිකාරීත්වය ජූලි 31 වනදා සිට DFCC බැංකුව වෙත නිල වශයෙන් පැවරෙනු ඇත.
















