ශැංහයි වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශයේ සිට චීනය විසින් ‘Gravity-1’ වාහක රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශගත කර තිබේ.
ටයියුආන් චන්ද්‍රිකා මධ්‍යස්ථානය (Taiyuan Satellite Launch Center) විසින් බෙයිජිං වේලාවෙන් ඊයේ (22) පෙරවරු 10:54ට මෙම වාණිජ රොකට්ටුව අභ්‍යවකාශගත කර ඇති අතර, ඒ හරහා චන්ද්‍රිකා 9ක් නියමිත කක්ෂවල සාර්ථකව ස්ථානගත කිරීමට සමත්ව ඇත.
මෙය Gravity-1 රොකට්ටුවේ පළමු විවෘත සාගර මෙහෙයුම වන අතර, යැංසි ගංගාවට ආසන්න නැගෙනහිර චීන මුහුදු ප්‍රදේශයේ සිදුකළ චීනයේ පළමු වාණිජ සාගර අභ්‍යවකාශ මෙහෙයුම ලෙසද මෙය ඉතිහාසගත වේ. ස්ථාවර සාගර කලාපවලට සීමා නොවී අවශ්‍ය ස්ථානය නම්‍යශීලීව තෝරා ගැනීමට හැකිවීම හරහා චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙම ජංගම ක්‍රමවේදය සමත්ව ඇති බව චීන බලධාරීන් පවසයි.














