හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට වෙඩි වැදීමේ සිදුවීමට අදාළව, එම ස්ථානයෙන් හමු වූ පිස්තෝලයේ ඇඟිලි සලකුණු කිසිවක් සොයා ගැනීම දුෂ්කර වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පසු සිදුවන අධික රත්වීම හේතුවෙන් ඇඟිලි සලකුණු මැකී යාම මීට හේුවන්නට ඇති බවට අනුමාන කෙරේ.සිද්ධිය වූ මොහොතේ නිවස තුළට බාහිර පාර්ශ්වයක් පැමිණ ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බැවින්, මෙය අත්වැරදීමකින් සිදුවූවක්ද නැතහොත් සියදිවි නසා ගැනීමට දැරූ තැතක්ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය. සීසීටීවී (CCTV) දර්ශන පරීක්ෂා කරමින් පවතින අතර, 9mm වර්ගයේ පිස්තෝලය ඇතුළු නඩු භාණ්ඩ ලබන 28 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කර ඇත.














