කුච්චවේලි පොලිස් වසමට අයත් නිලාවේලි වෙරළ තීරයේදී දිය නෑමට ගිය 49 හැවිරිදි ලන්දේසි ජාතික සංචාරකයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදේශීය ජාතිකයෙක් මුහුදේ දියේ ගිලී ඇති බවට ලද තොරතුරක් මත කුච්චවේලි පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා නිලාවේලි ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතර වී සිටි අයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරී වී තිබේ.
මියගිය තැනැත්තා වය අවුරුදු 49ක් වන නෙදර්ලන්ත ජාතිකයකු ලෙස හඳුනාගෙන ඇති අතර, කුච්චවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














