සතුන් සඳහා නීතිමය ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ ක්‍රර ක්‍රියා වැළැක්වීම අරමුණු කරගත් නව සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත රජය විසින් ගැසට් කර තිබේ.
2026 ජූලි 17 දිනැති අතිවිಶේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද මෙම කෙටුම්පත මඟින් සතුන් කෙරෙහි දයාව ප්‍රවර්ධනය කිරීමට සහ ඔවුන්ගේ සුබසාධනය සුරක්ෂිත කිරීමට අපේක්ෂා කෙරේ.
සතුන්ට පහර දීම, අනවශ්‍ය පීඩා ඇති කිරීම, අධික ලෙස වැඩ ගැනීම, නුසුදුසු සතුන් ශ්‍රමයට යොදා ගැනීම, ආහාර-ජලය හෝ আশ්‍රය හිතාමතාම අහිමි කිරීම ඇතුළු සතුන්ට හිංසා පමුණුවන ක්‍රියා මෙම පනතින් තහනම් කර ඇත.
මෙම වැරදිවලට වරදකරු වන්නන්ට රුපියල් 250,000 දක්වා දඩයක්, වසර දෙකක් දක්වා සිර දඬුවමක් හෝ ඒ දෙකම ලබා දීමට යෝජනා කර ඇත.
ක්‍රර අයුරින් සතුන් මරා දැමීම සඳහා රුපියල් 500,000 දක්වා දඩයක්, වසර තුනක් දක්වා සිර දඬුවමක් හෝ ඒ දෙකම ලබා දෙනු ලැබේ.
සතුන් අතහැර දැමීම, අසනීප හෝ තුවාල ලැබූ සතුන් මහජන ස්ථානවල මිය යාමට සැලැස්වීම, නීතිවිරෝධී වඳ කිරීමේ ක්‍රියා සහ නුසුදුසු පුද්ගලයන් විසින් කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් ද මෙහි විධිවිධාන ඇතුළත් වේ.
සත්ව සටන් සහ සතුන්ට තුවාල හෝ මරණය සිදු කරන දඩයම් ක්‍රියා සංවිධානය කිරීම, කළමනාකරණය කිරීම හෝ ප්‍රවර්ධනය කිරීම තහනම් කර ඇති අතර, සතුන් ප්‍රවාහනය කිරීමේදී අනවශ්‍ය වේදනාවක් හෝ තුවාලයක් සිදු නොවන අයුරින් ප්‍රවාහනය කළ යුතු බවට නීති පනවා ඇත.
මෙම පනත යටතේ සුරතල් සතුන් අලෙවි කරන වෙළඳසැල් සහ සත්ත්ව අභිජනන මධ්‍යස්ථාන සඳහා බලපත්‍ර ක්‍රමයක් ද යෝජනා කර තිබේ.














