“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිලිපන් සතිය අද (27) දින පටන් ජූලි 31 දක්වා ක්‍රියාත්මක වෙයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වැඩසටහන, ජනාධිපති ලේකම් කාර්යාලය හා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරයි.
අද (27) පෙරවරු 9.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රමුඛ සියලුම රාජ්‍ය ආයතනවල ‘ජාතික සුපිලිපන් දිවුරුම‘ ලබා දීම සහ ‘ආචාර ධර්ම සංග්‍රහය‘ ප්‍රකාශයට පත් කිරීමෙන් මෙය ආරම්භ විය.
මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැංවීම මෙම සතිය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වේ.
ජූලි 31 වැනිදායින් පසු, දෙසැම්බර් 31 වැනිදා දක්වා මෙම වැඩසටහන සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.














