• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම හා ආධ්‍යාත්මික වර්ධනය මතයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

29 July 2026
in දේශීය, පුවත්
රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම හා ආධ්‍යාත්මික වර්ධනය මතයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
භෞතික සංවර්ධනය කොතරම් සිදු වුවද රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම, හික්මීම සහ ආධ්‍යාත්මික වර්ධනය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. කළුතර දකුණ, රෙමුණගොඩ, කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ලෝහමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ මහෝත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. ප්‍රදේශයේ ජනතාව සතුව පැවති ලෝහ භාවිත කරමින් මෙම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමද ඇගේ විශේෂ ඇගයීමට ලක්විය.
වර්තමාන වේගවත් හා සංකීර්ණ සමාජ වටපිටාව තුළ ජනතාවගේ සිත්වලට සංයමය සහ ආධ්‍යාත්මික සැනසීම වඩාත් අවශ්‍ය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, කෝන්ගොඩ ශ්‍රී ගංගාරාම පුරාණ මහා විහාර භූමියේ මෙවැනි කලාත්මක සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම සමස්ත ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික සුවය උදෙසා සිදුකරන අතිමහත් මෙහෙවරක් බව පැවසුවාය. රටේ ඓතිහාසික, ආගමික සහ සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සහ විහාරස්ථාන සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් රජයට විශාල වගකීමක් පැවරී ඇති බවත්, එම වගකීම ඉටු කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
දිවයින පුරා පිහිටි පෞරාණික විහාරස්ථානවල පැරණි බිතුසිතුවම්, ශිලා ලේඛන සහ චෛත්‍ය සංරක්ෂණය කිරීමේ පියවර රැසක් ආරම්භ කර ඇති අතර, දුෂ්කර ප්‍රදේශවල පිහිටි විහාරස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීම වේගවත් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. තරුණ පරපුරට ඓතිහාසික උරුමයන් පිළිබඳ නිසි අවබෝධයක් ලබාදීම මෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කර ඒවා දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගන්නා ස්ථාන බවට පත් කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.
ඓතිහාසික විහාරස්ථාන ආරක්ෂා කිරීම යනු හුදෙක් ගොඩනැගිලි නඩත්තු කිරීමක් නොව, ජාතික අනන්‍යතාව, සදාචාරාත්මක පදනම සහ සංස්කෘතික උරුමය අනාගත පරපුරට සුරක්ෂිතව දායාද කිරීමක් බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. භෞතික සම්පත්වලින් මෙන්ම ආධ්‍යාත්මික ගුණධර්මවලින් පෝෂණය වූ නිදහස්, සාධාරණ සහ සහජීවනයෙන් පිරි ශ්‍රී ලාංකේය සමාජයක් ගොඩනැගීම රජයේ ප්‍රධාන අරමුණ බව පවසමින් ඇය සිය අදහස් දැක්වීම අවසන් කළාය.
Post Views: 3
Previous Post

කුඩු සයිමා කොටු වෙද්දී එකටම සිටි කංජිපානි මොකද වුණේ?

Next Post

පාරිභෝගිකයා සුරකින්න වී-ප්‍රමිති ජාතික වැඩසටහන පිටකොටුවෙන් ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පාරිභෝගිකයා සුරකින්න  වී-ප්‍රමිති ජාතික වැඩසටහන පිටකොටුවෙන් ඇරඹෙයි

පාරිභෝගිකයා සුරකින්න වී-ප්‍රමිති ජාතික වැඩසටහන පිටකොටුවෙන් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved