අපවත් වී වදාළ කොළඹ හුනුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගල්බොඩ ඥානිස්සර හිමිපාණන්ගේ (පොඩි හාමුදුරුවන්ගේ) දෙවැනි ගුණ සමරු වැඩසටහන සහ ‘නැණ ඉසුරු’ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 2026 අගෝස්තු 02 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
වත්මන් ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කර ඇති මෙම පින්කම එදින උදෑසන ගංගාරාම විහාරස්ථානයේදී මහා සංඝරත්නය 150 විෂයෙහි පැවැත්වෙන සංඝගත දක්ෂිණාවෙන් සහ ආගමික වතාවත්වලින් ආරම්භ වේ.
අනතුරුව පස්වරු 2.00ට අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයේදී, දුෂ්කර ප්‍රදේශවල සහ ආරක්ෂක අංශ සේවා වනිතා ඒකක මඟින් තෝරාගත් දරුවන් රැසකට ශිෂ්‍යත්ව, පාසල් උපකරණ සහ පොත්පත් පිරිනැමීමට නියමිතය.














