ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් ඉරානය විසින් නැවතත් මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමග, ඉරානයට එරෙහිව මෙතෙක් එල්ල නොකළ මට්ටමේ දැවැන්ත හමුදාමය ප්‍රහාරයක් එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.
ජෝර්දානයේ පිහිටි ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරකට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානයට දැඩි ලෙස පහර දෙන බවයි.
ධවල මන්දිරයේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ හමුදාමය විකල්ප පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම අලුත්ම ප්‍රහාර මාලාව වාර්තා විය. පසුගිය පෙබරවාරියේ සිට ඇවිළී ගිය මෙම අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිලද ඉහළ ගොස් ඇති අතර, ඇමෙරිකාව සහ ඉරානය අතර පැවැති තාවකාලික සටන් විරාම උත්සාහයන්ද මේ වන විට යළිත් බිඳ වැටී ඇත.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්














