ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ අනුනායක, මාදම්පේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, කරුක්කුව ශ්‍රී සුබෝධාරාම මූල මහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති පූජ්‍ය හේනේපොළ සිරි සුමංඟල තිස්සාභිධාන අනුනායක හිමිපාණන් වහන්සේ අපවත් වී තිබේ.
උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය 2026 අගෝස්තු මස 02 වැනිදා පස්වරුවේ හලාවත, කරුක්කුව සුගතානන්ද මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව විහාරස්ථ දායක සභාව සහ ආදාහන කමිටුව සඳහන් කරයි.














