ප්‍රාග්ධන වියදම් ඉහළ නංවමින් සහ රාජ්‍ය සේවයේ පුනරාවර්තන වියදම් අඩු කරමින්, භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනය වෙනුවෙන් යෙදවීම රජයේ ප්‍රධාන අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා ස සඳහන් කළේ, ඉදිරි වසරේ (2027) ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම රාජ්‍ය සේවය කඩිනමින් ඩිජිටල්කරණය කිරීම, නිපුණතාවයක් ඇති වෘත්තිකයන් රඳවා ගැනීම සඳහා තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නැංවීම, ග්‍රාමීය මාර්ග හා පානීය ජල ව්‍යාපෘති කඩිනම් කිරීම සහ ‘රටම එකට’ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.














