ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර මැතිවරණ කළමනාකරණය හා ප්රජාතන්ත්රවාදී සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ දෙරටේ අවධානය යොමුව තිබේ.
ඉන්දියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් මහේෂිණී කොලොන්නෙ මහත්මිය සහ ඉන්දියාවේ ප්රධාන මැතිවරණ කොමසාරිස් ශ්රී ගයානේෂ් කුමාර් මහතා අතර නවදිල්ලියේදී පැවැති විශේෂ හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා වී ඇත.
මෙහිදී දෙරටේ මැතිවරණ කොමිෂන් සභා අතර ආයතනික හුවමාරු, ධාරිතා වර්ධනය, මැතිවරණ නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ නවීන තාක්ෂණික දැනුම බෙදාහදා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි.















