රතු මුහුදේ වෙළඳ නෞකා ඉලක්ක කරගනිමින් යේමනයේ හූති (Houthi) කැරලිකරුවන් එල්ල කරන ප්‍රහාරවලින් නාවික ගමනාගමනය ආරක්ෂා කරගැනීම සඳහා ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමට සෞදි අරාබිය කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
යේමනයට එරෙහිව සෞදි අරාබිය පනවා ඇතැයි කියන සම්බාධකවලට පිළිතුරු ලෙස සෞදි අරාබියට එරෙහිව රතු මුහුදේ නාවික තහනමක් (naval blockade) පනවන බවට ඉරාන හිතවාදී හූති සංවිධානය පසුගියදා ප්‍රකාශ කර තිබිණි. ඊට ප්‍රතිචාර වශයෙන් සෞදි අරාබිය විසින් යේමනයේ හුදෙයිඩා (Hodeidah) වරාය ආශ්‍රිත හූති හමුදා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.
මෙම අර්බුදය හේතුවෙන් ගෝලීය බලශක්ති සහ වෙළඳ ද්‍රව්‍ය ප්‍රවාහනයට දැඩි බාධා එල්ල වී ඇති අතර, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමට ද එය හේතු වී තිබේ.















