සයිප්‍රසයේ නිකෝසියාහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පිහිටුවා වසරක් සපිරීම නිමිත්තෙන් (2025 ජූලි ආරම්භය), එරට ජීවත් වන ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාව වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ සහ ප්‍රජා සත්කාරක වැඩසටහනක් සංවිධාන කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
දැනට සයිප්‍රසයේ විවිධ ආර්ථික ක්ෂේත්රවල (බහුතරයක් ගෘහ සේවා අංශයේ) සේවය කරන ශ්‍රී ලාංකිකයන් 10,000ක් පමණ ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. මෙහිදී කොන්සල් ජනරාල් කාර්යාලයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම සිදු කෙරුණු අතර, ‘LankaKonect’, තාවකාලික ගමන් බලපත්‍ර (TTD), හදිසි ගමන් ලියකියවිලි (ETD) සහ e-BMD වැනි ඩිජිටල් කොන්සල් සේවා පිළිබඳව ප්‍රජාව ප්‍රායෝගිකව දැනුවත් කරන ලදී. නීත්‍යනුකූල පදිංචිය, සේවා ස්ථාන ආරවුල්, සේවා යෝජකයන් මාරු කිරීම සහ මව්බිමට නැවත පැමිණීම වැනි වැදගත් ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, කොන්සල් ජනරාල් නියාස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රශ්නෝත්තර වාරයේදී සහභාගිවූවන්ගේ විමසීම් සඳහා පිළිතුරු ලබා දීම ද සිදු විය.














