‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සංරක්‍ෂණය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව, කඩොලාන පැළ 400ක් රෝපණය කිරීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙරුගල්ආරු ගඟ සහ උක්කේනි කලපු හා වෙරළ තීරය ආශ්‍රිතව පසුගිය 26 වැනි දින ක්‍රියාවට නංවා තිබේ.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවීමේ ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රමුඛ පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කරන නාවික හමුදාව, ටෝකියෝ සිමෙන්ති සමාගම සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කර ඇත. වෙරළ ආරක්‍ෂාව ඉහළ නැංවීම, ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම සහ දේශගුණික වෙනස්වීම්වලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණු වන අතර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයේ අණදෙන නිලධාරි ඇතුළු නාවික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














