මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කර සේවයෙන් විශ්‍රාම ගන්වන ලද නිල සුනඛයන් 26 දෙනෙකු ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිත බව පොලිස් නිල සුනඛ කොට්ඨාසය පවසයි.
පුපුරන ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහාත්, අපරාධ හා සොරකම් විසඳීම සඳහාත් වසර ගණනාවක් පුරා සේවය කළ මෙම සුනඛයන් වෙන්දේසි කිරීම හෙට (01) පෙරවරු 9.00ට ආරම්භ වන අතර, වෙන්දේසියට පෙර උදෑසන 8.00 සිට 9.00 දක්වා කාලය තුළ එම සුනඛයන් පරීක්ෂා කර බැලීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇත. පොලිස් නිල සුනඛ ඒකකයෙන් ඉවත් කෙරෙන සුනඛයන් මෙලෙස ප්‍රසිද්ධ වෙන්දේසියේ අළෙවි කිරීම සාමාන්‍ය ක්‍රියාපටිපාටියක් බව ද පොලිසිය සඳහන් කරයි.














