කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ (DRC) පැතිර යන ඉබෝලා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,500 ඉක්මවා ගොස් ඇතැයි නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. එරට රජයේ නවතම දත්තවලට අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,442ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 1,521ක් ලෙස වාර්තා වේ. පසුගිය සතිය තුළ පමණක් මරණ සංඛ්‍යාව 50%කින් ඉහළ ගොස් තිබේ.
මෙම වෛරසය මර්දනය කිරීමේ ප්‍රධාන අභියෝගය වී ඇත්තේ මිනිසුන්ට බලපාන දුර්ලභ ඉබෝලා ප්‍රභේදයක් වන ‘බුන්ඩිබුගියෝ’ (Bundibugyo) ප්‍රභේදය සඳහා මෙතෙක් නිපදවන ලද නිල එන්නතක් නොමැති වීමයි. මීට අමතරව, ගැටුම්කාරී තත්ත්වයන් පවතින නැගෙනහිර ඉචුරි (Ituri) පළාතේ රෝහල් මත ප්‍රහාර එල්ල වීම, සෞඛ්‍ය සේවකයන් වැටුප් නොගෙවීම හේතුවෙන් වර්ජනවල නිරත වීම සහ ප්‍රජාව තුළ පවතින නොදැනුවත්කම නිසා වෛරසය “ැලවෙන ගින්නක් මෙන්” පැතිර යමින් පවතින බව අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (Africa CDC) පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ඉබෝලා වාතය හරහා නොගමන් කරන බැවින් ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානම තවදුරටත් අඩු මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.














