අද (03) පෙ.ව. 6.00න් අවසන් වූ පසුගිය පැය 24ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ අධික වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. එහිදී වැඩිම වර්ෂාපතනය නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එහි අගය මිලිමීටර් 204.00ක් වේ.
මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වූ අනෙකුත් ප්‍රදේශ ලෙස, නෝර්ටන් (නුවරඑළිය) මි.මී. 187.80ක්, දොලොස්බාගේ (මහනුවර) මි.මී. 172.00ක්, නාවලපිටිය (මහනුවර) මි.මී. 153.40ක්, හැටන් (නුවරඑළිය) මි.මී. 148.40ක්, කිතුල්ගල (කෑගල්ල) මි.මී. 140.80ක්, හුණුගල්ඔය (නුවරඑළිය) මි.මී. 137.80ක්, කොටගල (නුවරඑළිය) මි.මී. 137.00ක්, නානුඔය (නුවරඑළිය) මි.මී. 131.60ක්, වේවැල්වත්ත (රත්නපුර) මි.මී. 112.40ක් සහ වලේබොඩ (රත්නපුර) මි.මී. 101.20ක් ලෙස වාර්තා වී ඇත.
මධ්‍යම කඳුකරයට මෙන්ම රත්නපුර, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කවලට දිගින් දිගටම ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින අතර, නායයෑමේ අවදානම පිළිබඳවද දැඩි ලෙස විමසිලිමත්ව සිටින ලෙස අදාළ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.














