කැලණි සහ කළු ගංඟා ද්‍රෝණි සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනය ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (04) පියවර ගෙන ඇත.ඊයේ (03) පස්වරුවේ කැලණි සහ කළු ගංඟා ආශ්‍රිතව මහ ගංවතුර සහ සුළු ගංවතුර තත්ත්වයන් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් කර තිබුණි. කෙසේ නමුත් මේ වන විට ගංගාවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කිරීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. දිවයින පුරා වර්ෂාපතන තත්ත්වයේ සහ ගංගාවල ජල මට්ටම්වල සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිරන්තර අවධානයෙන් පසුවන බවද ඔවුන් පෙන්වා දී තිබේ.














