පකිස්ථානයට එරෙහිව පැවති පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණයෙන් පසු නවතම ICC කාන්තා T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉහළ යාම් කිහිපයක් වාර්තා වී තිබේ.ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි මෙහිදී තමකැපී පෙනෙන දස්කම් හරහා නව ශ්‍රේණිගත කිරීම් වෙත ළඟා වී ඇත. පළමු තරගයේදී ලකුණු 39ක් සහ දෙවන තරගයේදී ලකුණු 40ක් රැස් කළ චමරි අතපත්තු එක් ස්ථානයක් ඉදිරියට යමින් 6 වැනි ස්ථානයට පත්ව ඇති අතර, එය ඇයගේ මෙතෙක් වාර්තා වූ ඉහළම ශ්‍රේණිගත කිරීමේ අගය වේ.පකිස්ථාන සංචාරයේ පළමු තරගයේදී විශිෂ්ඨ මංගල ශතකයක් (නොදැවී 101*) වාර්තා කිරීමට සමත් වූ ඉමේෂා දුලානි ස්ථාන 33කින් ඉහළට පැමිණ 23 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ. මෙම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පෙරමුණ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා බෙත් මූනි විසින් රඳවාගෙන ඇත.














