මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසේ ඉදිකිරීම් කටයුතු 53% ක ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා නගර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් අදාළ ඉදිකිරීම් බිම නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ. රටේ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපෘතියක් ලෙස සැලකෙන මෙම කොටස කඩිනමින් අවසන් කිරීමට අදාළ අංශ කටයුතු කරමින් සිටී.














