ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 59 වැනි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රාත්‍රි පෙරහර ඉකුත් 11 වන දින රාත්‍රියේ ඉතා උත්කර්ෂවත් අයුරින් වීථි සංචාරය කළේය.
මෙවර ඇසළ මංගල්‍යය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සහ සංස්කෘතික අංගයන්ගෙන් අසිරියට පත්ව අතිශය සාර්ථකව අවසන් වූ අතර, ඒ සඳහා ප්‍රදේශවාසීන් මෙන්ම දිවයිනේ නන් දෙසින් පැමිණි දහස් සංඛ්‍යාත දෙස් විදෙස් බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.














