ඔක්තෝබර් 1 වන විට ඉරාකයෙන් සියලුම විදේශීය හමුදා සම්පූර්ණයෙන්ම ඉවත් කර ගන්නා බවත්, රට තුළ ඇති සෑම අවියක්ම සම්පූර්ණ රාජ්‍ය පාලනය යටතට පත් කරන බවත් ඉරාක අගමැති අල්-සායිඩි (Al-Zaidi) නිල වශයෙන් තහවුරු කර තිබේ.
එක්සත් ජනපද මධ්‍යම විධානයේ (CENTCOM) ආඥාපතිවරයා හමුවෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, අදාළ කාලසටහන මේ වන විටත් ස්ථිර කර ඇති බව හෙතෙම සඳහන් කළේය. එදින සිට ඉරාකය තම රටේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගකීම තනිවම භාර ගන්නා බවද එරට රජය අවධාරණය කරයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














