යුද සමයේදී විවිධ දුෂ්කරතා හේතුවෙන් ඉන්දියාවට ගොස් තාවකාලිකව පදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි කිසිදු බාධාවකින් තොරව මව්බිමට පැමිණීම සඳහා පැවති සියලු නීතිමය හා පරිපාලනමය බාධා වත්මන් රජය විසින් ඉවත් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
දිර්ඝ කාලයක් පුරා මෙරටට පැමිණීමට නොහැකිවූ එම ලාංකිකයන්ට යළි මෙරට ස්ථිරව පදිංචි වීමට හෝ මෙරට පුරවැසිභාවය සහ පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කර දී ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
















