ශ්‍රී ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ නගරයේ මී ගහණය සීග්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් දෛනික ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
ජල භීතිකා සහ මහාමාරිය වැනි මාරාන්තික රෝග පතුරවන සත්ත්වයෙකු ලෙස සැලකෙන බැවින්, මෙම මී උවදුරට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටිති. නගරයේ ප්‍රධාන හෝටල්, ආපනශාලා සහ වෙළෙඳසැල්වලටද මීයන් ගහණය ඉහළ යාමෙන් දැඩි බාධා එල්ල වී ඇති අතර, තැන තැන එක්රැස්වී ඇති කසළ ආහාරයට ගැනීම පුරුද්දක් කරගත් මීයන් කොළඹට පැමිණෙන ජනතාවගේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල කරමින් සිටී.
විවිධ ස්ථානවල නවාතැන් සකසා ගැනීම හේතුවෙන් දේපළ සහ වෙනත් භූමිද විනාශයට ලක්ව තිබේ. කසළ නිසි ලෙස බැහැර කිරීම, ආහාර සුරක්ෂිතතාව සහ කාණු පද්ධති පවිත්‍රව තබා ගැනීම මගින් මෙම මීයන් මර්දනය කළ හැකි අතර, ඒ සඳහා බලධාරීන්ට මෙන්ම මහජනතාවටද එක හා සමාන වගකීමක් පවතී.
















