ශ්‍රී ලංකාව ආර්ථික හා සමාජීය වශයෙන් යහපත්, සංවර්ධිත සහ සුන්දර රටක් බවට පත් කිරීමේ ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා රටේ සියලු පුරවැසියන්ගේ ක්‍රියාශීලී සහාය සහ මැදිහත් වීම ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටියි.
රට මුහුණ දී ඇති අභියෝග ජය ගනිමින් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත හා සමෘද්ධිමත් රටක් නිර්මාණය කිරීමේ වගකීම සමස්ත ජනතාවම එකම අරමුණක් වෙනුවෙන් එක්වීමෙන් පමණක් ඉටු කරගත හැකි බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
















