ඉතිහාසය පුරා පාලකයන් බොරු පොරොන්දු දී බලයට පත්වුවද ජනවරමට කිසිදු වගවීමක් සිදු කර නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. ‘සිරස සටන’ වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ජනතාවට වගකියන, ජනවරමට ගරු කරන ආණ්ඩුවක් රටට අවශ්‍ය වී තිබූ බවත්, වත්මන් ආණ්ඩුව එවැනි ජනවරමක වගකීම මැනවින් අවබෝධ කරගෙන ඉදිරියට යන ආණ්ඩුවක් බවත් ඔහු අවධාරණය කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12:1 වගන්තියෙන් නීතිය ඉදිරියෙහි සියලු දෙනා සමාන යැයි සඳහන් වුවද, අතීතයේ ඇතැම් පිරිස් සහ කැබිනට් මණ්ඩලය නීතියට උඩින් සිටි බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, වත්මන් ආණ්ඩුව එම වගන්තියට නියම අර්ථය ලබා දී ඇති බවද වැඩිදුරටත් කියා සිටියේය.
















