බොරලැස්ගමුවේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා අපරාධකරුවන් විසින් යොදාගත් යතුරුපැදිය මහරගම පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පන්නිපිටිය මහල්වරාව පිහිටි විහාරස්ථානයක් අසල වෙල්යායක දමා ගොස් තිබියදී අද (05) මෙම යතුරුපැදිය සොයාගෙන ඇත්තේ මහරගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු රහසිගත තොරතුරක් මතය.
ඊයේ (04) රාත්‍රියේ බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී නිවෙසක රැඳී සිටි 74 හැවිරිදි පුද්ගලයෙකු යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි. මියගිය පුද්ගලයා ‘කොස් මල්ලි’ නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ මූල්‍ය කටයුතු කළ අයෙකු (මුදල් අයකැමි) ලෙස කටයුතු කළ අයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














