යමෙන්හි නිරිතදිග තායිස් නගරය ආසන්නයේ ජනතාවගෙන් පිරීගිය මාර්ගයක් ඉලක්ක කර ගනිමින් හූති කැරැලිකාරයන් එල්ල කළ මිසයිල ප්රහාරයකින් සිවිල් වැසියන් අවම වශයෙන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 9 දෙනෙකු තුවාල ලබා ඇති බව යමෙන්හි රාජ්ය සබා පුවත් සේවය වාර්තා කරයි.
තායිස් සහ හොඩෙයිඩා ප්රදේශවල ඉදිරි පෙළ යුද පිටිවල දැඩි ගැටුම් හටගෙන ඇති පසුබිමක් තුළ, දකුණු තායිස් හි පිහිටි උපායමාර්ගික හේජා අල්-අබ් මාර්ගය වෙත මෙම ප්රහාරය එල්ල වී තිබේ. ප්රදේශයේ සිවිල් ජනතාව ඉලක්ක කරමින් එල්ල වූ මෙම ප්රහාරයත් සමඟ කලාපයේ උණුසුම් තත්ත්වය තවත් ඉහළ ගොස් ඇත.














