පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඩොලර් ලක්ෂ 8 ක කොමිස් මුදලක් ලබා දුන් බවට කෙරෙන චෝදනාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත, මාලිමා ආණ්ඩුවේ තවත් අසත්‍ය ප්‍රචාරයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෙම චෝදනාව මීට පෙර උන්ඩාවේ ඩොලර් සඟවා තබමින් සිටින බවට කළ ප්‍රකාශ, චිචී මහජන මුදලින් රොකට්ටුවක් යැවූ බවට කළ ප්‍රකාශ, එංගලන්තයෙන් රත්තරන් අශ්වයෙකු ගෙන්වා තෑගි දුන් බවට කළ ප්‍රකාශ මෙන්ම 2012 වසරේදී ලැම්බෝගිනි රථ 19ක් නාමල් රාජපක්ෂගේ නමට වරායෙන් ගොඩබෑවා යැයි කළ ප්‍රකාශ වැනිම තවත් පදනම් විරහිත අසත්‍ය කතාවක් බවයි. කිසිදු නීතිමය හෝ සාක්ෂිමය පදනමකින් තොරව සිදුකරන මෙවැනි අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමට ආණ්ඩුව උත්සාහ කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.














